අදට මාස දෙකකට පෙර මම පෝස්ට් එකක් දැම්මා I N V A S I O N නමින් නිර්මාණය වන ඇනිමේශන් චිත්‍රපටයක් පිළිබද. මම හිතන්නෙ අපේ සිනමා තොරතුරු බලන අයට ඒක මතක ඇති. The Tunnel animation කෙටි චිත්‍රපටයට පස්සෙ Tokka Cinema අපි නිර්මාණය කරන ලොකුම cgi animation movie එක තමයි INVASION කියන්නෙ. එහි පළමු සිනමා පෝස්ටරය සමග සම්පූර්ණ විස්තරයක් මම කලින් ලිපියේ පළකරා.
ඉතින් ඔන්න අද අපි හිතුවා මේ ෆිල්ම් එකේ Pictures කිහිපයක් මේ විදියට එළියට දාන්න ඕන කියලා. පහල තියෙන්නෙ එම පිංතූර කිහිපය.
INVASION movie එක TC Brothers අපේ ලොකුම cgi animation ව්‍යාපෘතියක් වනවා. ෆිල්ම් එකේ දැනට නිර්මාණ කටයුතු පිළිබද තොරතුරු කිව්වොත් සම්පූර්ණ ෆිල්ම් එකෙන් මේවන විට 25%ක් වගේ අවසන්. කාලය කළමනාකරණය කරගත් ආකාරයටම දැනට මෙහි වැඩ කටයුතු සිදු වන බවත් මතක් කරන්නම්. ඉතින් මේ චිත්‍රපටය ඔයාලට නරඹන්න පුලුවන් වෙන්නෙත් 2022 දී කියලත් මම එදා කිව්වා. ඒ වගේම පොරොන්දු වූ පරිදි මේ අවුරුද්දේ අවසානය වෙනකොට මෙහි Trailer එකක් out කරන්නත් අපි කටයුතු කරනවා.
0 Comments