Deep Mind Mini Series

I N V A S I O N


I N V A S I O N

Strange and very dangerous creatures from another planet come to our planet for their purposes. Then they work to get the energy of the earth. Then our Earth soldiers will fight with them to stop it. This is a sci-fi animated film to be released on YouTube in 2022.

Tokka Cinema අපි දැනට මාස 3කට පෙර සිට ලොකු වැඩක් කරන්න අත තිබ්බා. අපේ තරමට මේ වැඩේ අපිට ටිකක් ලොකු වැඩක්. I N V A S I O N කියන්නෙ අපේ මීලග ඇනිමේශන් ෆිල්ම් එකට. අද අපි එහි පළමු චිත්‍රපට පෝස්ටරය එළිදක්වනවා.

TC Brothers අපි කලින් නිර්මාණය කරපු The Tunnel Short Film එක ඔයාලා නරඹලා ඇති. ඒ තමයි අපේ ප්‍රථම සජීවීකරණ කෙටි චිත්‍රපටය. අපේ චිත්‍රපට නරඹන කවුරුත් දන්නා කරුණක් තමයි අපි රාමුවෙන් පිට වැඩ කරන ටීම් එකක්. සමහරු මුල් කාලේ අපට කීවේ ඔයාලගෙ ෆිල්ම් වල කතාව, තේමාව, අන්තර්ගතය මේ දේවල් ලාංකීය නිර්මාණ වලට ගැලපෙන්නෙ නෑ කියලයි. ඔව් අපි කැමති නෑ රාමුවට චිත්‍රපට නිර්මාණය කරන්න... ඒක නිසාමයි අපි ඇනිමේශන් වලටත් අත තියන්නෙ.

I N V A S I O N ගැන කාරණා කිහිපයක් කියන්නම්.. මේ නිර්මාණය බොහෝම වෙනස් නිර්මාණයක් වෙනවා මට විශ්වාසයි. අපේ පෙර ඇනිමේශන් එකටත් වඩා මෙහි නිර්මාණකරනය පැත්තෙන් ලොකු වෙනසක් තියනවා. "හරියට ඇත්ත අය වගේ"..කියලා කියවෙන්නත් පුලුවන්
ඒ වගේම මෙහි කතාවෙ අන්තර්ගතය පිළිබද මම හැදින්වීමක් කරන්න යන්නෙ නැහැ. ඉදිරියේදී ඔයාලට I N V A S I O N ෆිල්ම් එකේ Trailer එකක් බලාගන්න පුලුවන්. එතෙක් ටිකක් ඉන්ටකෝ..

තවත් විශේෂ කාරනාවක් නම් මෙතෙක් අපි කල සියලුම නිර්මාණ කෙටි චිත්‍රපට වනවා. ඒවා විනාඩි 5යි, විනාඩි 10යි...15යි. ඉතින් මේක එහෙම එකක් නෙමෙයි. මේ චිත්‍රපටයේ කාල සීමාව පැයක් ලෙස දැනට මට නිගමනය කරන්න පුලුවන්. Movie එකක් කියලා කියන්නත් පුලුවන්.

ඉතින් වැඩි දෙයක් කියන්න යන්නෙ නැහැ.. මේ පෝස්ටර් එක බලලා සැනසෙන්න. ඒ වගේම ඉවසන්න.. මොකද මේ ෆිල්ම් එක ඔයාලට බලන්න පුලුවන් 2022 දි. ඒකත් දැන් 2022 කවද්ද කියලා අහන්න එපා. ඒ ගැන මම තාම තීරණය කරලත් නෑ (බොරුවක් කිව්වෙ) මේ අවුරුද්දේ අවසානයේ නම් අනිවාර්යයෙන් Trailer එකක් බලන්න පුලුවන්.

ඉතින් හැමදාම වගේ අපේ චිත්‍රපට නරඹන අපි එක්ක ඉන්න, අපේ රාමුවෙන් පිට නිර්මාණ අගය කරන වගේම අපිට අපේ අඩුපාඩු පෙන්වා දීලා අපිට උදව් කරන ඔයාල හැමෝටම ආදරෙන් මතක් කරනවා එකතු වෙලා ඉන්න I N V A S I O N බලන්න.  Tokka Cinema ගැන, අපි ගැන විශ්වාසය තියාගන්න. නිර්මාණ තුලින් ඔබේ රසවින්දනයට වගේම සිනමාවටත් වෙනසක් කරනවා කියන එක ගැනත්.

A Film by TC Brothers
Tokka Cinema Film Production

Post a Comment

0 Comments