Deep Mind Mini Series

සත්‍යය සහ මායාව අතර අද්භූත රහස: 'The Silent Night' සයිකොලොජිකල් ත්‍රිලර් කෙටි චිත්‍රපටය

සත්‍යය සහ මායාව අතර අද්භූත රහස: 'The Silent Night' සයිකොලොජිකල් ත්‍රිලර් කෙටි චිත්‍රපටය


සිනමාව කියන්නේ හුදෙක්ම රූප රාමු පෙළක් විතරක් නෙවෙයි ඒක හිතේ ඇඳෙන, හැඟීම් එක්ක සෙල්ලම් කරන අපූරු අත්දැකීමක්. නවතම සිනමාත්මක අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන 'ටොක්ක සිනමා' (Tokka Cinema) කණ්ඩායම විසින් ගෙන එන ඔවුන්ගේ අලුත්ම කෙටි චිත්‍රපටය "The Silent Night" අද පස්වරු 3.00 ට YouTube ඔස්සේ නිකුත් වීමට නියමිතයි.

නොසිතූ වෙනසක්, කියවෙන්නේ නැති බිහිසුණු කතාවක්..

සෑම නිශ්ශබ්දතාවයක් පිටුපසම කියවෙන්නේ නැති, ඒත් අහගෙන ඉන්න බැරි තරම් බිහිසුණු කතාවක් සැඟවිලා තියෙන්න පුළුවන්...

'The Silent Night' කියන්නේ Psychological Thriller ගණයට අයත් වෙනස්ම විදියේ නිර්මාණයක්. පාළු පාරක එක මොහොතකින් සිද්ධ වුණු නොසිතූ වෙනස් වීමක්, අහම්බයකින් ලං වුණු අද්භූත චරිත සහ ඒ රාත්‍රිය පුරාම ගෙතුණු ගුප්ත රහස් සමුදායක් වටා මෙම කතාව ගොඩනැගී තිබෙනවා.


සත්‍යය සහ මායාව අතර සීමාව අතුරුදහන් කරමින්, ප්‍රේක්ෂක ඔබව සිනමාත්මක කම්පනයකට අරන් යන මේ අද්භූත අත්දැකීම, ඔබ හිතන කිසිවක් සත්‍ය නොවන, ඔබට පෙනෙන කිසිවක් සැබෑ නොවන වෙනස්ම ලෝකයකට ඔබව කැඳවාගෙන යනු නිසැකයි.



🎭 රංගනයෙන් සහ තිරයෙන් පිටුපසින් දායක වූවන්:

මෙම අපූරු සිනමාත්මක නිර්මාණය පිටුපස දක්ෂ ශිල්පීන් පිරිසකගේ එකතුවක් දැකගත හැක.

රංගනය (Cast):

ප්‍රධාන නළුවා: සුබෝධ් විජේනායක

ප්‍රධාන නිළිය: ඉමේෂා එදිරිපක්ෂ

හඬ රංගනය: සදනි මලීෂා



කාර්මික ශිල්පීන් (Crew):

කතාව සහ අධ්‍යක්ෂණය: ලක්ෂාන් පෙරේරා

නිෂ්පාදනය: යශෝධා විජේසිංහ

කැමරාකරණය (DOP) & සංස්කරණය: ලක්ෂාන් පෙරේරා

සහාය අධ්‍යක්ෂණය: අභී සේනාධීර

අංග රචනය: යශෝධා විජේසිංහ

ආලෝකකරණය: මනූ කරුණාරත්න

කැමරා සහායක: ලුක්ශාන් කවිඳු

ශබ්ද පරිපාලනය (Boom Mic): අභී සේනාධීර



විශේෂ ස්තුතිය:

මෙම නිර්මාණය සාර්ථක කරගැනීමට අඩිතාලම දමමින් ලබාදුන් අසීමිත සහයෝගය වෙනුවෙන් චතුරණී පෙරේරා මහත්මිය, උමංගා පෙරේරා මහත්මිය සහ ආනන්ද පෙරේරා මහතා වෙත 'ටොක්ක සිනමා' කණ්ඩායමේ හදපිරි ස්තුතිය හිමිවේ.

🎬 අද පස්වරු 3.00 ට එකතු වන්න

ගුප්ත රහස් පිරි අද්භූත රාත්‍රියක අත්දැකීම විඳගන්න අද පස්වරු 3.00 ට Tokka Cinema YouTube නාලිකාව වෙත පිවිසෙන්න.

තවමත් නාලිකාව Subscribe කර නොමැති නම්, YouTube හි 'Tokka Cinema' ලෙස Search කර Subscribe කිරීමෙන් ඉදිරියට පැමිණීමට නියමිත මෙවැනිම නිර්මාණ රැසක් සමඟින් සම්බන්ධ විය හැක.

අද්භූත කෙටි චිත්‍රපටයේ නිල සිනමාත්මක අත්දැකීමට පියනඟන්න ඔබත් සූදානම් වන්න...🖤

චිත්‍රපටය නැරඹීමට පහතින්

















Post a Comment

0 Comments