Deep Mind Mini Series

කෙටි චිත්‍රපට සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබද උසස් පෙළ ළමුන්ගේ සම්මන්ත්‍රණය - සක්යා කිරිබත්ගොඩ



Tokka Cinema අප කණ්ඩායමේ අත්දැකීම් ප්‍රකාශ කරමින් හා කෙටි චිත්‍රපට ගැන හැදින්වීමක් සහිතව දේශනයක් කිරීමට මාහට අවස්ථාවක් උදා උනා. සිනමාව ඉගෙන ගන්න ළමුන් ඉදිරියේ දී අප ලද අත්දැකීම් අනුසාරයෙන් අපගේ කෙටි චිත්‍රපට පෙන්වමින් සහ ඒවා නිර්මාණය කලේ කෙසේද යන්න කතා කිරීමට හා ඔවුන්ව දිරි ගැන්වීමට පැවැති එම විශේෂ සම්මන්ත්‍රණයේ අවස්ථා කිහිපයක රූපරාමු පහතින් එකතු කරන්නම්.

පළමු ආරම්භයක් විදිහට සාර්ථක දේශනයක් සිදු කිරීමට හැකි වූවා. මෙතැනින් සිනමාවට ලැදි අංකුර කිහිපයක්ම දුටු නිසා, විශ්වාසයි අනාගතයේ තවත් සිනමා නිර්මාණකරුවෝ මග එන බව.



මෙවැනි අවස්ථාවක් උදාකර දුන් ප්‍රවීණ මාධ්‍යවේදී කෙනකු සේම Media විෂය උගන්වන ජේෂ්ඨ ගුරුවරයෙකු වන උදම් සතරසිංහ ගුරුතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වනවා අපිව විශ්වාස කරල හැකියාවට අවස්ථාවක් ලබා දුන්නට. එලෙසම සක්යා කිරිබත්ගොඩ ආයතන කළමනාකාරිතුමිය වන පබසරා මෙනවියටත් එහි කාර්යමණ්ඩලයටත් ස්තුතිවන්ත වනවා.

මේ හැමදේම ලැබෙන්නෙ Tokka Cinema නිසා වගේම TC Brothers අපි හතරදෙනාගේ උත්සාහය නිසාය.
තමන් දෙයක් විශ්වාස කරනවා ද ඒ වෙනුවෙන් කැප වෙනවා ද... අනාගතයේ දවසක ඔබේ සිහින සැබෑ වෙනවාමයි..



ඔබ උසස් පෙළට මීඩියා විෂය හදාරන්නෙකු නම් ඊට කදිම තැන ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදෙන එකම ගුරු උදම් සතරසිංහ ගුරුතුමා ගේ ඇත්තටම මීඩියා - Aththatama Media පංතිය පමණි




Post a Comment

0 Comments