Deep Mind Mini Series

An article about Sri Lanka's first AI short film SIGNAL 42: The AI Art Revolution | Ameesh Kumarasinghe's post

 An article about Sri Lanka's first AI short film SIGNAL 42: The AI Art Revolution

Ameesh Kumarasinghe's post link

Original Post Link Click Here -

AI, එහෙමත් නැත්නම් artificial intelligent ලොකු පොඩි අපි කවුරුත් දන්න වර්තමානයේදි නිතරම දකින්න අහන්න ලැබෙන මාතෘකාවක්. ඒත් මේ කතා කරන්න යන්නේ ඒ ගැන නම් නෙවෙයි. ලංකාව ඇතුළේ පළවෙනි වතාවට AI මගින් නිර්මාණය කරපු කෙටි චිත්රපටයක් ගැන.
'Signal 42'
තාක්ෂණය වර්තමානය අභිබවමින් අනාගතය කරා වේගයෙන් ඇදෙන ලෝකයක ඒ තාක්ෂණයට රූපාන්තරණය වුණ මේ විනාඩි 16 ශ්රී ලාංකේය සිනමාව ගැන අනාගත බලාපොරොත්තු තවදුරටත් තියාගන්න පුළුවන් කියන්න හොඳම උදාහරණයක්. ඉතාමත් අවම තාක්ශණික පහසුකම් තුළින් වඩා හොඳ නිර්මාණයක් එළියට ගන්න නිර්මාණකරුවන් පිරිස හොඳ උත්සහයක් අරගෙන තියෙනවා කියලා සිනමාපටය නැරඹුවාම කියන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම චිත්රපටයේ අධ්යක්ෂක (ලක්ශාන් පෙරේරා) Lakshan Perera අයියා කියන්නේ. නිතරම වෙනස් මානයේ නිර්මාණය ප්රේක්ශකයාට දායාද කරන්න මහන්සි වෙන කෙනෙක්. මම මෙතන 'වෙනස් මානය' යන වචනයෙන් අදහස් කරන්නේ මෙම කෙටි චිත්රපටයේ දැක්ක විශේෂ scene කිහිපයක් නිසා. මෙම කෙටි චිත්රපටයේ Elon musk , NASA වැනි ලෝක දැවැන්තයින් මෙන්ම සිංහල සිනමාවේ සිහින කුමරා යන විරුදාවලිය ලැබූ විජය කුමාරතුංග මහතාද වර්තමාන ක්ෂේත්රයේ අපට දක්නට ලැබෙන රංගන ශිල්පීන්ද කෘතීම බුද්ධි තාක්ශණය මගින් ප්රතිනිර්මාණය කර තිබීමයි.
ඉතින් ශ්රී ලංකාව තුළ නිර්මාණය වූ මෙම කෙටි චිත්රපටයේද යම් අඩුපාඩු කිහිපයක් දක්නට තිබුණද ආයාසයකින් තොරව ආරම්භයේ සිට අවසානය දක්වා නැරඹීමට හැකි අයුරින් නිර්මාණකරුවා (Tokka Cinema කණ්ඩායම) සකස් කර තිබෙනවා. ක්රියාදාම චිත්රපටයක් ලෙස නිර්මාණය වූ මේ Signal 42 කෙටි චිත්රපටය ලාංකේය සිනමාවේ නවමු පරිච්ඡේදයක් තැබීමට සමත් වූ බව මම දකිනවා. මෙය අනාගතයේදි සිනමා ක්ෂේත්රයට පැමිණීමට සිටින ආධුනික නිර්මාණකරුවන්ට ලබා දුන් මහගු අභිප්රේරණයක් විදියටද සලකන්න පුලුවන්.
ඉතින් තවදුරටත් මෙම ක්ෂේත්රය අතික්රමණය කර ලෝකය ජයගන්නටත් ඒ තුළින් ලාංකේය සිනමාව ලෝකය හමුවේ තබන්නටත් හැකිවේවායි මාගේ ප්රාර්ථනයයි.
ඇත්තටම මේක Next level වැඩක්.
🔥
තාම Signal 42 බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න.




Post a Comment

0 Comments