Deep Mind Mini Series

Sri Lankan 1st AI Generated Short Film - SIGNAL 42 (කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ පළමු Ai කෙටි චිත්‍රපටය - SIGNAL 42 )

Signal 42 short film

2008-09-28 දින ලෝකයේ සුවිශේෂී දවසක් වූවා, ඒ තමයි Space X හි Falcon 1 රොකට්ටුව කක්ෂ ගත කිරීම සම්බන්ධවයි. පෘථිවියේ අපිට ඒක ලෝක ජයග්‍රහණයක් වුණත් සමහරවිට පුංචි පුංචි වැරදීම් නිසා අපි නොසිතන දේ සිදුවෙන්න පුළුවන්...

මේ එහෙම සිදුවීමක් ගැනයි... එදා Falcon 1 වෙතින් නිකුත් වූ වැරදි සංඥාවක් හෙතූවෙන් ලෝකයා අනාගතයේ මුහුණ දෙන ව්‍යසනයක් පිළිබඳව "මහාචාර්ය එඩ්වින්" තුමන් විසින් එකලදීම ආන්දෝලනාත්මක අනාවැකියක් ප්‍රකාශ කරනවා.

මොකද්ද මේ අනාවැකිය? .. 2008 දි සිදුකල දෙයක් නිසා අනාගතයේදි කුමක් සිදුවේද?

මේ කෙටි සිනමා පටය ඒ ගැනයි. විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත් වන "SIGNAL 42" නම් වන මෙම කෙටි චිත්‍රපටය තරමක් විශේෂ වෙනවා.

මේක සම්පූර්ණ A.I තාක්ෂණය, එනම් කෘතිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටයකි.

AI තාක්ෂණය 80%ක් පමණ භාවිතා කරමින් සහ තවත් මෘදුකාංග භාවිතයෙන් කරපු මේ නිර්මාණයේ සුවිශේෂී කරුණු කිහිපයක් තිබෙනවා.

අනාගතකරණයේ කෘතිම බුද්ධියක් වන මිනිස් ස්වරූපය යොදා ගනිමින් ඒවාට කෘතිම ලෙස රූපයක් විදියට පණ ලබාදීමටත් එය රූපමය ආකාරයෙන් මෙහෙය වීමටත් කරමින් මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය කර ඇත.


මෙහි භෞතිකව කවුරුන්වත් රංගනයෙන් දායක වී නොමැති අතර, එනමුත් රංගන ශිල්පීන් සියයකට වඩා අධික පිරිසක් එකතුවෙන් මෙම කෙටි සිනමා පටය නිර්මාණය කර ඇත.

වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන චතුර රාජපක්ෂ මෙම කෙටි සිනමා පටයේ භෞතිකව නොවූවත් ඔහු මෙහි රංගනයෙන් දායකත්වය සපයනවා.

එමෙන්ම මෙහි විශේෂම කරුණ වන්නේ, කලා ලෝකයේ අති විශිෂ්ට රංගධරයකු වන, කාලයකට ඉහතදී අප අතරින් සමුගත් ඒ මහා පෞරුෂය විජය කුමාරතුංග මහත්මයාද රංගනයෙන් දායකත්වය සැපයීම. එතුමාද රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ කෘතිම බුද්ධිය ඇසුරෙන්ය.

ඉන්පසු මෙහි ඇති ඉතිරි ප්‍රධාන චරිත කිහිපයම මෙම සිනමා කණ්ඩායමේ නවක රංගන ශිල්පීන් විසින් ඉහත කී පරිදි කෘතිම බුද්ධිය ඇසුරෙන් රංගන දායකත්වය සපයයි.

මෙම කතාවටා ගෙතුණු තවත් එක් චරිතයක් වන්නේ ලෝක බලවත් සහ ධනවතෙකු වන එලෝන් මස්ක් වැනි අයද මෙහි රංගන දායකත්වයෙන් එකතු වීමයි.

මෙහි පූර්ව ප්‍රචාරක පටයක් මේ වන කොට නිකුත් කර ඇති අතර පෙබරවාරි මස 19වන දින. කෙටි චිත්‍රපටය YouTube අවකාශයට මුදා හරිනු ඇත.

Watch Trailer Click Here





Post a Comment

0 Comments