Deep Mind Mini Series

DNM Production Facebook Page Post - Deep Mind Review

 


ඔබේ මනස මොන තරම් ගැඹුරු ද... අපි දන්නවා ස්විමින් පූල් එකක නම් මෙපමණ ගැඹුරුයි, ළිඳක් මෙපමණ ගැඹුරුයි, ගඟක මෙපමණ ගැඹුරක් තියෙනවා කියලා සාමාන්‍ය අදහසක් හෝ තියෙනවා.

නමුත් අපේ මනස පිළිබඳව කොහොමද ඔබේ අවබෝධය...

නිරාගමික යැයි කියාගන්න බොහෝ දෙනෙක් මාව බ්ලොක් කරන්න හේතුවත් මම මේ සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්.

නමුත් ඒ සම්බන්ධ ව නෙමෙයි මේ.

ඔබ අපි ජීවත් වෙලා ඉන්නේ ගේම් එකක් ඇතුලේ වෙන්න බැරි ද... එහෙම නැත්නම් දැවැන්ත පිටසක්වලයෙක් විසින් පාලනය කරන මෝහන නිද්‍රාවක හෝ කෝමා එකක වෙන්න බැරි ද...?

අනාගතයේ එක්තරා කාල වකවානුවක, තරුණ මිතුරන් පිරිසක් සෙල්ලම් කරන්න ක්‍රීඩා පිටියට යනවා. ඔවුන් ක්‍රීඩා කරන අතරේ එක් මිතුරියක් ඇගේ කොළඹ යම් ප්‍රදේශයක ‍රැකියාව කරන පෙම්වතා සමඟින් දුරකථන ඇමතුමක නියැලී සිටින අතරේ එක් මිතුරෙකුගේ සහෝදරිය ඇගේ මිතුරියන් සමඟ පුස්තකාලයේ සිටින්නේ.

නමුත් ක්ෂණික ව අහස වෙනස් වෙනවා... අඳුරු නිල් පැහැයක් ගන්නා ආකාශයෙන් වර්ණ තරංග මාලාවක් පොළවට පතිත වෙනවා...

ඒ තරංග මාලාව කොතරම් දරුණු එකක්ද කියනවා නම් ඒ තරංග මාලාවට නිරාවරණය වෙන සියලුම දෙනා ට දරුණු හිස කැක්කුමක් හැදෙනවා. ඔවුන් හිස් බදාගෙන බිම වැටී වේදනාව දරාගත නොහැකිව දඟලනවා...

යම් කාල වේලාවකට පසු තරංග මාලාව නික්ම ගිය පසු මිතුරු පිරිස නිවෙස් වලට යන්න ගියත් විශාල ආලෝක පවුරක් හෙවත් බැම්මක් නොහොත් තාප්පයක් විසින් ඔවුන්ගේ මාර්ගය වසාගෙන තියෙන්නේ.

මේ ආලෝක බැම්ම තරණය කරන්න පුළුවන් ද බලන්නට මිතුරු පිරිසේ ජනා නම් වූ තරුණයා එය අල්ලා බැලුවත් එය ව්‍යාර්ථ වෙනවා පමණක් නොවේ, එම ආලෝක පවුරේ බලපෑමට ජනා නිරාවරණය වෙනවා...

එලෙස නිරාවරණය වීමෙන් ජනාට මොන වගේ දෙයක් වෙයි ද...

එතකොට මේ ගම වසාගෙන අහ්සෙන් වැටුන දැවැන්ත ආලෝක පවුර මොකක්ද...

මේකෙන් ජනා ඇතුළු මිතුරු පිරිසට සහ මේ තුළ සිරවුණ ජනතාව ට මොන වගේ ඉරණමක් අත් වෙයි ද...

ඒක දැන ගන්න නම් ඔබට Deep Mind බලන්නම වෙනවා.

ලක්ෂාන් පෙරේරා ප්‍රමුඛ Tokka Cinema කණ්ඩායමේ නිශ්පාදනයෙන් ඔබට තිළිණ කෙරෙන You Tube Sci Fi Mini Series මාළාවක් ලෙස Deep Mind අධ්‍යක්ෂණය කරන්නේ ලක්ෂාන් පෙරේරා විසින්.

ශ්‍රී ලංකාවේ සිනමා රසිකයන් ට වෙනස් ම ආරක අත්දැකීමක් ලබා දෙන්නට සමත් වෙන නිර්මාණයක් ලෙස Deep Mind හඳුන්වා දෙන්න පුළුවන්.

ක්‍ෂේත්‍රයට අධ්‍යක්ෂවරයා නවකයෙක් වුණත් ඔහුගේ අධ්‍යක්ෂණය නවක නම් නොවේ. විශේෂයෙන් ම තාක්ෂණික භාවිතය ඉතාම ඉහළ මට්ටමක පවතිනවා.

මාර්තු මාසයේ දී යූටියුබ් හරහා ඔබට තිළිණ කෙරෙන deep mind නරඹා එහි හොඳ වගේම අඩුපාඩු සියල්ල විවෘතව පවසන ලෙසට ලක්ෂාන් ඔබට ආරාධනා කරනවා.

එයට හේතුව සිනමා අධ්‍යක්ෂවරුන් ලෙස අපි මොන දේ කළත් එහි ගුණාත්මක බව විඳින්නේ ඔබ.
එනිසා ක්‍ෂේත්‍රයේ පෙරළිකාර වික්‍රමයක් කරන්න නම් රසික ඔබේ විචාරයන් ( විවේචනය න් නොවේ ) සහ යෝජනා පිටූබලයක් වෙනවා නිසැකයෙන් ම

ඒ සියල්ල ඔබ සතුයි...

ජය වේවා

DNM Production






Post a Comment

0 Comments