Deep Mind Mini Series

Deep Mind Review - සිනමාවේදීන් - The Cinema People Facebook Group - Dineth

 


සිනමාවෙ ඇතුලෙ experiment කරන මිනිස්සුන්ට මන් හරි ආදරෙයි.

Deep Mind කියන්නේ සිනමාව ඇතුලෙ මෙහෙම experiment අතරින් සාර්ථක වුන experiment එකක් කියන එකයි මගේ මතය.. ශ්‍රී ලංකාවෙ ඉන්න දේශීය වශයෙන් පතාක නිෂ්පාදකයන්ට භය නැතුව ආයෝජනය කරන්න පුලුවන් පිරිසක් තමයි මේ Tokka Cinema team එක. විශේෂයෙන්ම lakshan perera කියන්නෙ සිනමාව කියන Art එක ඇගෙ තියෙන ඒ උණ ඇගේ තියෙන චරිතයක්...

Youtube mini series කියන්නෙ වර්ථමානය වෙද්දි trend එකේ තියන දෙයක්, ලංකාවෙත් මම දැකපු mini series කිහිපයක් තිබ්බා හොදම මට්ටමේ ... ඒත් මම දැකපු SCI-FI ශානරයට වැටෙන සාර්ථක, ගැඹුරු concept එකක් එක්ක ගලාගෙන යන series එකක් මීට කලින් මට බලන්න ලැබිලනම් නෑ.... හැබැයි Deep Mind mini series එක කියන්නේ concept එක අතින් ලස්සනම හයේ පාරක් ... මන් වැඩියෙන්ම කැමති lakshan perera ගේ මේ thinking pattern එකට...

Filmmaking වලට මම අත්පොත් තියන්නෙත් script writer කෙනෙක් විදිහට ඒ නිසා පුරුද්දටම මට Focus වෙන ප්‍රධානම point එක තමයි මේ story එක , එතකොට SCI-FI Story එකක් කියන්නෙ හැමෝටම එකපාරට ඔලුවට යන්නෙ නැති නමුත් ප්‍රේක්ෂකයව කුතුහලයෙන් ඇද බැද තියාගන්න , හරි අපූරුවට සැගවෙච්ච න්‍යායාත්මක කාරණා එක්ක සම්බන්ද වෙච්ච story ක් . ඉතින් ඒකයි ලංකාවෙ මේ category එකෙන් නිර්මාණ බිහි නොවෙන්නත් ප්‍රධාන කාරණය... නමුත් lakshan perera ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනව කියලා මට හිතෙනවා...

VFX ගැන කතා කරොත් පොඩි පොඩි අඩුපාඩු තිබුනත් overall ප්‍රශ්නයක් නෑ... ඒ පුංචි පුංචි අඩුපාඩු lakshan perera ගෙවත් team එකේවත් අඩුපාඩුවක් විදිහට මම දකින්නෙ නෑ... එතනදි මට මතක් වුනේ budget එකට උපරිම සාධාරණයක් කරල තියෙනවා කියන එක . මොකද ලංකාවේ hall වල දුවපු සමහර high budget films වල VFX එක්ක බලද්දි Deep Mind mini series එකේ VFX හොදම ප්‍රශස්ථ මට්ටමක තිබුණා..

අවම පිරිවැයකින් මේ තරම් හොදට story එකක් theory එක්ක ගොනු කරල මේතරම් creative විදිහට telecast කරානම්, මේ සෙට් එකට හොද producer කෙනෙක් හම්බුනානම් මේ නිර්මාණයම ලෝකයක් කතා කරන තැනට ගේන්න පුලුවන් හැකියාවක් තියෙන විත්තිය මම විතරක් නෙමෙයි, Deep Mind mini series එකේ මංගල දර්ශනයට සහභාගි වුන බොහෝ දෙනෙක් කතා කතා කරපු කාරණයක්.

ඉතින් ඔයාලටත් Youtube හරහා මේ mini series එක බලන්න අවස්ථාවක් දැනටමත් ලැබිල තියෙන්නෙ...

Deep Mind Season 01 episode 01 -


අවසාන වශයෙන් මේ Deep Mind series එකේ මංගල දර්ශනය වෙනුවෙන් මට ආරාධනා කිරීම සම්බන්දව tokka cinema team එකටත් lakshan perera අයියටත් ස්තූතියි ... මට විශ්වාසයි මේ සෙට් එක දවසක ලංකාවම , ලෝකයම කතා කරන මට්ටමේ වෙනසක් දේශීය සිනමාව ඇතුලෙදිම කරල පෙන්වනව කියන එක

ඒ වගේම ආදරණීය සිනමාවේදියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලන්නෙ. ඔයාලට මේ නිර්මාණකරුවන්ගේ ගමනට වගේම ලාංකීය සිනමාව තුල වෙනස් රසයක් ඇති කිරීමට අදහසක් තියෙනවනම් මේ නිර්මාණය රස විදින්න...

Dineth Dasun

Post a Comment

0 Comments