Deep Mind Review
ඇත්තටම මොකද්ද මේ Deep Mind කියන්නේ ,
Deep Mind කියන එකේ සරල සිංහල තේරුම නම් ගැඹුරු මනස කියන එක නමුත් ගැඹුරු මනස කියන්නේ නම් සරල දෙයක් නෙවෙයි , ඉතා ගැඹුරු තේරුමක් සහිත දෙයක් . මනසට විග්‍රහයක් දිමට අපහසුය.මනසේ ඇති ගැඹුරු බවට නිර්වචන ඉදිරිපත් කිරිමට නොහැක. මනස හරි පුදුමාකාර දෙයක්.
මේ තරම් පුදුමාකාර ගැඹුරු මනස පාදක කොට ගෙන ලාංකිය සිනමාව තුල නිර්මාණය වුන විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් තමා මේ Deep Mind ලෙස හදුන්වන්නේ. ඉතින් මොකක්ද මේ Deep Mind විද්‍යා ප්‍රබන්ධ කතා මාලාව කියලා කියන්නේ, ලාංකිය සිනමාව තුල නිර්මාණය වුන වෙනස් Concept එකක නිර්මාණයක් ,විශේෂයෙන්ම ලේසියෙන් ලංකාව තුල නිර්මාණය නොවන නිර්මාණ කාණ්ඩයක් වන විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත්, මෙතෙක් ලාංකිය සිනමා ඉතිහාසය තුල නිර්මාණය වුන දැවැන්ත ,වෙනස්, පෙරලිකාර නිර්මාණයක් ලෙස හදුන්වන්න පුලුවන් .
මම මේ නිර්මාණයේ රංගනයෙන් වගේම මෙහි මංගල දර්ශනයත් තවත් දර්ශන වාරෙකුත් නැරඹූ කෙනෙක් විදියට මේ නිර්මාණය ගැන එක වචනෙකින් කිව්වොත් First Class.
Deep Mind ගැන කතා කලොත් ලාංකිය සිනමා ඉතිහාසයට එකතු වුණු දැවැන්ත, ප්‍රේක්ෂකයාට සිතන්නට බොහෝ දේ තිබෙන සුපිරි නිර්මාණයක්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙයක් තමයි අඩු බජට් එකක් යටතේ නිර්මාණය වුණු නිර්මාණයක් තමයි මේක.ඒ බජට් එක යටතේ කරන්න පුළුවන් උපරිම සාධාරණත්වය ඇතුව නිර්මාණය වුණු නිර්මාණයක් තමයි මේ. High Budget වලින් නිර්මාණය වන නිර්මාණ පවා අසාර්ථක වන අවස්ථා තියෙනවා. ඒ එක්ක බලන විට ඇත්තටම මේ නිර්මාණය අති සාර්ථකයි.
මට මතකයි මංගල දර්ශනයට සහභාගී වූ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා සඳහන් කරපු කාරණාව තමයි මේ Low budget එක. ඇත්තටම මේකට ලක්ෂ හතලිහක් පනහක් වගේ Budget එකක් තිබ්බනං මේ නිර්මාණයේ පවතින යම් යම් පුංචි අඩුපාඩු වේද ඒවා නැති වී ජාත්‍යන්තර මට්ටමෙන් නිර්මාණය වන විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවන් එක් කරට කර තරග වදින්න පුළුවන් නිර්මාණයක් වන බව නොවනුමානයි.
මෙම නිර්මාණයේ Script Writing ගැන කතා කළොත් මේ Script එක මරු ,වෙනස් concept එකක් මූලික කරගෙන ලියවුනු මෙම Script එක ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ සමඟ සැසදිය හැකි බව මගේ මතයයි .
මේ නිර්මාණය පිටුපස අතිවිශාල කැපවීමක් උත්සාහයක් තියෙනවා. ඇත්තටම අපි මේ නිර්මාණය විනාඩි 15වෙන් ,20න් බැලුවට අවුරුදු දෙකහමාරකට උඩදී නිර්මාණය පටන් ගැනුණු අවුරුදු එකහමාරකට උඩදී රූගත කිරීම හා සංස්කරණ කටයුතු ආරම්භ කරන නිර්මාණයක් තමයි මේ. මේ නිර්මාණයේ සම්පූර්ණ Credit එක යන්න ඕන ලක්ෂාන් පෙරේරා, ලුක්ෂාන් කවිදු, අභි සේනාධිර හා මනු කරුණාරත්න යන TC Brothers ලා හතර දෙනාට .ඇත්තටම මේ නිර්මාණයට මාර මහන්සියක් මේ හතර දෙනා වුණා.මම ඒ මහන්සිය ඇස් දෙකෙන්ම දැක්කා.ඇත්තටම රූගත කිරීම අතරතුරු ගොඩාක් සුන්දර සිදුවීම් වුනා, වගේම ඒකට උන මහන්සිය අතිවිශාලයි.ඒ මහන්සියේ ප්‍රතිඵල අනිවාර්යෙන්ම මේ TC Brothers ලා හතර දෙනාට දවසක ලැබෙනවාමයි. මේ නිර්මාණය අවුරුදු එකහමාරක් තිස්සේ ගොඩක් බාධක මැද දැඩි ශ්‍රමයක්,කාලයක්,කැපවීමක්,උත්සාහයක් දරපු නිර්මාණයක්. මේ මහා දැවැන්ත කාර්යය පිටුපස මහ පවුරක් විදිහට හිටපු මේ TC Brothers ලා හතර දෙනා යම් දිනක ලාංකීය සිනමාව විතරක් නෙවෙයි ලෝක සිනමාව ජයගන්නා මට්ටමට එන බව මේ නිර්මාණය හොඳම උදාහරණයක්.
මේ නිර්මාණය ගැන තවදුරටත් කතා කළොත් මෙහි සතුට,දුක,ත්‍රාසය,භීතිය,ආදරය,විනෝදය වගේම විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක අඩංගු විය යුතුම කුතුහලය ඒ වගේම මිනිස්සුන්ට හිතන්න දෙයක් ඉතුරු කරන නිර්මාණයක්.
මටත් තාමත් තේරුම් ගන්න බැහැ මොකක්ද මේ වෙන්නේ කියලා ,මේ නිර්මාණය තුළින් හිතන්න කාරණා ගොඩක් තියෙනවා.ඇත්තටම මේක තේරුම් ගන්න අමාරුයි මොකක්ද ඉදිරියට වෙන්නේ කියන එක .එක වචනෙන් කිව්වොත් තනිකරම මේක පිස්සුවක්.
ලංකාව තුළ විද්‍යා ප්‍රබන්ධ කතා මාලා නිර්මාණය වෙන්නේ හරිම අඩුවෙන් .මොකද ඒකට හේතුව මේ වගේ Concept එකකට අතගහන්න ගොඩක් අය බයයි. මොකද විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි.ඒකෙ Script එකේ ඉදන් එතනින් එහාට රූගත කිරීම්, සංස්කරණය හැම දෙයක්ම හරිම බැරෑරුම් කාර්යයක්.ඉතින් ඒ අභියෝගය මේ TC Brothers ලා හතරදෙනා භාර අරගෙන ඉතා සාර්ථක ලෙස ඒ අභියෝගය ජය ගෙන තියෙනවා. ලංකාවේ නිර්මාණය වුණු වෙනස් Concept එකක් විදියට එළියට ආපු මේ Deep Mind කතා මාලාවේ Season 1 මේ තරම් හිතන්න දේවල් ඉතුරු කරනවා නම් Season 2 කොහොම වෙයිද හිතන්නවත් අමාරුයි .
සුබ පතනවා ලක්ෂාන් ඇතුළු ඔහුගේ මුළු කණ්ඩායමටම ඉදිරියට තව තවත් වෙනස් නිර්මාණ ලාංකීය සිනමාවට දායාද කරන්න කියලා.
ඉතින් මං ආරාධනා කරනවා හැමදෙනාටම වෙනස් ලෝකේක අතරමං වෙන්න මේ නිර්මාණය නරඹන්න කියලා. නරඹන්න විතරක් නෙවෙයි මේ නිර්මාණය ගැන ඔබේ අදහසත් පුංචි Comment එකක් විදියට දාන්න අමතක කරන්න එපා. මොකද සිනමා ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් විදියට ඔයාලා ඒ දාන පුංචි Comment එක ලක්ෂාන් ඇතුළු ඔහුගේ කණ්ඩායමටම හරිම වටිනවා.
0 Comments