ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපට හිතාගන්න බැරි දේවල් සිදුවෙන. අපි සරල විදියට සාමාන්‍ය විදියට ජීවිතය ගත කරගෙන හිටියත්, අපි නොසිතන දෙයක් නොසිතු මොහොතක වෙන්න පුළුවන්. ඒ සිදුවෙන දේ නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්. මේකත් එහෙම හිතාගත නොහැකි සිදුවීමක්. මේ සිදුවීම TC Brothers අපි නම් කලේ "DEEP MIND" යනුවෙන්.
Deep Mind Mini Series
දිගු කාලයක් පුරාවට විවිධ අත්හදා බැලීම් සිදු කරමින් අපි සිනමා නිර්මාණයක් ලෙස අලුත් දෙයක් කරන්න උත්සහයක් ගත්තා. මේ එම උත්සාහයේ එක් ප්‍රතිඵලයක් අද එළිදකින මොහොතයි....
Deep Mind Mini Series Trailer 1 Out
Deep Mind කියන්නෙ විද්‍යාප්‍රබන්ධ කතා මාලාවක්.. එය කොටස් 5ත් 10ත් අතර, එක් කොටසක කාලය විනාඩි 15ක් වන කෙටි කතා මාලාවකි. Tokka Cinema විසින් නිෂ්පාදන කරනු ලබන මේ කතා මාලාව මෙතෙක් අපි කරපු කෙටි චිත්‍රපට හා කතා මාලාවන් අතරින් විශේෂ තැනක් ගන්නවා.
එනම් මේ කතාව සම්පූර්ණ විද්‍යාප්‍රබන්ධ ශානරයට සහ ෆැන්ටසි ගණයට අයත් වීමත් මෙන්ම, අප දැනට නිර්මාණය කල සියලුම නිර්මාණ අභිබවා යමින් දැඩි ප්‍රයත්නයක් දරලා කරන නිර්මාණයක් වීමයි. මෙහි කතාව ගැන මම නොකියා ඉන්නම්. ඒ ගැන ඔයාලට Trailer එකෙන්ම බලාගන්න පුලුවන්.
කතාව නොකීවට රංගනයෙන් දායක වන අය ගැන නොකියා බැහැනේ. මේ කතාව විශේෂ එකක් කියලා කියන්න තව හේතුවක් තමයි මේකට සම්බන්ධ වන පිරිස.. ඒ කියන්නෙ අපි මෙතෙක් කාලයකට කරන වැඩිම පිරිසක් ඉන්න නිර්මාණය තමයි Deep Mind කියන්නෙ.
කාංචනා සත්‍යාංගනී,
තිලංක තුලංජන,
කුෂානි චතුරංගනා,
පසිදු එරන්ද,
අර්ජුන් ජයවර්ධන,
නෙත්මි හංසනි,
දැහැමි වීරසිංහ,
කුෂාන් කල්හාර,
දිනුශිකා මධුශංකි, සහ TC Brothers අපි සිව්දෙනාත් ඇතුලත්ව තව සුළු සුළු චරිත සඳහා කිහිප පිරිසකුත් එකතු වනවා.
ලාංකේය සිනමාවේ අලුත් මානයන් වෙත පය තබනා අප නව්‍යකරණයෙන් ඔප්නැංවූ මේ කතා මාලව නිර්මාණය සදහා CGI/ VFX තාක්ෂණය වැඩිපුරම යොදා ගැනෙනවා. මෙහි ඇතැම් දර්ශනයන් සම්පූර්ණ පරිඝණක සජීවීකරණ ක්‍රමවේදය ඔස්සෙ නිර්මාණය කරපුවා. දැනට මාස 15ක කාලයක් පුරාවට මෙහි වැඩකටයුතු සිදු වූ අතර, Tokka Cinema Youtube නාලිකාව ඔස්සේ 2023 වසරේදී තමයි මේ කතා මාලාව එළිදැක්වීමට නියමිත වන්නෙ. ( ඉවසලා ඉන්න හොදේ... )
Deep Mind අධ්‍යක්ෂණය සහ තිර පිටපත ලක්ෂාන් පෙරේරා විසිනුත්, මෙහි කලා අධ්‍යක්ෂණය සහ සහය අධ්‍යක්ෂණය අභී සේනාධීර විසිනුත්, කතාමාලාව සංස්කරණය, වර්ණ සංයෝජනය සහ VFX / CGI කටයුතු මෙන්ම ශබ්ද නිර්මාණය / සංගීත කණ්ඩ නිර්මාණය ලුක්ෂාන් කවිඳු විසිනුත් සිදුකරනු ලබනවා. මෙහි වැඩකටයුතු සම්බන්ධීකාරක ලෙස මනු කරුනාරත්න කටයුතු කරනවා.
හිතලා හිතලා හිත පිස්සු වැටිලා වෙනම ලෝකයක අතරමන් වෙලා හිටපු මට දැන් නින්ද යන්නෙත් නෑ... නිදා ගන්නම බෑ.. ඇසිපිය නොහෙලා බලන් හිටියේ මේ දවස උදාවෙනකම්.. හිතේ හිරකරන් හිටපු සිතුවම්, අදහස්, අපිට පුලුවන් විදියට ලාකේය සිනමා නිර්මාණයක් ලෙස එළියට දෙන්න අපි ගත් වෙහෙසක්...
Tokka Cinema ආදරණීය රසික රසිකාවියන්ව වෙනම ලෝවකට අරන් යන්න අප සූදානම්.
ඉතින් අද ලස්සන දවසක්.... විශ්වාසය තියා ගන්න. අපි ගැන..Deep Mind ගැන..
Deep Mind First Trailer ( Link ) 

0 Comments