The Parallel House
කොල්ලා හතර දෙනෙක් පොඩියට සෙට් වෙන්න යන්නෙ.. එකෙක් ඉන්නවා මල පෙරේතයෙක් .. ඌට බෝතලේ දැක්ක ගමන් වෙන මුකුත් මතක නෑ. මුලු සර්වාංගයම නැටවෙනවා.... ඉතින් සෙට් එක රවුමක් ගහලා ගෙයක නවතිනවා සෙට් වෙලා ෆන් එකක් දාන්නත් එක්කම. තඩියා යනවා බඩු රෙඩි කරලා අරන් එන්න.. එ අතරේ එකෙක් දවසෙම කාපුවා ආපහු බැහැර කරන්න යනවා.. ඔන්න ඔතනින් තමයි පිස්සු කෙලින්නෙ. ඒකා ටොයිලට් එකට ගියා ගියාමයි... ආයේ එන්නෙ නෑ.. ඌ ටොයිලට් එකේ පැලවෙලා....
නෑ පැලවෙලා නෙමෙයි ඌට ගිහිපු දොර හොයා ගන්න බෑ.. අහා නෑ.. ගිහිපු දොරත් තියනවා ඒක ඇරන් එන්න දන්නෑ ඒ තරමට බඩු වැදිලා... ඒ අස්සෙ එකෙක් බඩුමලු අස්කරන්න කාමරේට යනවා.. ඌට ඇද දැක්කා විතරයි... අම්මෝ මෙට්ට පේන්න බෑ.. පැන්නා ඇදට.. ඇදේ ඉදලා මොනාද කරේ...හ්ම්
එකෙක් ඇදේ සැප.. අනිකා ටොයිලට් එකේ වන වනා.. බෙබ්බේ සෙට් වෙන්න බඩු හොයනවා.. තව එකෙක් ඉන්නවා ඒකා පෝන් එකෙමයි.. මල් කොල්ලෙක්. කොල්ලොම හතරක්... කතාවම කොයිවගෙද කියලා කියන්න බෑ ඉතින්. පොඩි නංගිලා මල්ලිලා එක්ක බලන්න එපා. තනියෙම බලන්න. හැබැයි ඔලුව විකාර කරගන්න එපා මේක බලලා.

මේක ලංකාවේ නිර්මාණය කරපු කෙටි චිත්‍රපටයක්. Tokka Cinema අපේ නිර්මාණයක්. පොඩි හැදින්වීමක් මුලින්ම ඉදිරිපත් කලේ, නමුත් චිත්‍රපටය වෙනස්ම නිර්මාණයක්. ඉතින් නිර්මාණය නරඹා, ඒ ගැන අදහස් ඉදිරිපත් කරන්න කියා ඔබ සැමට මම ආරාධනා කරනවා.
මේ ලින්ක් එකෙන් කෙටි චිත්‍රපටය නරඹන්න පුලුවන් 

0 Comments