Deep Mind Mini Series

Last Message - News & Photo Gallery

 






Last Message Youtube Mini Series හි රංගනයෙන් දායක වන ශිල්පීන් 7 දෙනාගේ ඡායාරූප ඉහත ඇත. එහි අවසන් දෙදෙනා සඟවා ඇති අතර, ඒ වෙනුවෙන් ඔවුන්ගෙ Graphic ඡායාරූපයක් යොදා ඇත. ලඟදීම.... Tokka Cinema YouTube නාලිකාවෙන්.
 
Above are photos of 7 artists contributing to the Last Message YouTube Mini Series. The last two are hidden, and a graphic photo of them is used for that.
Soon on


Last Message කතාවට අදාල ව ටීනා සහ ශානි නම් වන චරිත ද්විත්ව යේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. මෙහි සෑම රූපරාමුවකම එක් පුද්ගලයෙක් සිටින බවක් පෙනුනත්, සෑම රූපරාමුවකම එහි සැබෑවටම තවත් කෙනෙක් ඇත.

සැප්තැම්බරයේදී Tokka Cinema Youtube නාලිකාව හරහා මේ කතා මාලාව එළිදැක්වීමට නියමිතව තිබුණ ද, වර්තමාන තත්වය සමග මෙම Youtube Mini Series එක තරමක් ප්‍රමාදවනු ඇත.








LAST MESSAGE MINI SERIES EP04 SHOOTING OVER

Last Message කතා මාලාවේ 4 වන කොටසට ආදාල රූගත කිරීම් පටන් ගත්තා. මේ කොටස තරමක් විශේෂයි... මම හිතන්නෙ කවුරුත් මේ විදියට මේ අත් හදාබැලීම කරලා නැතිව ඇති. ඒ කියන්නෙ මම මේ කොටස අධ්‍යක්ෂනය කරන්නෙ කොළඹ මගෙ ගෙදර සිට. එතකොට රූගත කිරීම් සිදුවෙන්නෙ අනුරාධපුරයේ.. එහෙම වෙන්නෙ කොහොමද ? අද ශුට් එකේ අපේ Ashinsani Pathirana යාලුවගෙ දක්ෂතාවයන් ගොඩක් එකතු වෙනවා. මම ඇය ගැනත් කලින් සදහන් කලා. ඇයත් නවක කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක්. මෙහි ඇයගෙ රංගන කුසලාතා මෙන්ම, මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන්ද ඇය එකතු වනවා. ඉතින් මෙහි රසවත් කතා ගොඩක් තියනවා හරියට මෙහේ ඉදන් එහේ වෙන දේ කරනවා වගේ එහෙම වෙන්න පුලුවන් වෙනස් විදියට හිතලා වැඩ කරද්දි සහ එකතු වෙලා වැඩ කරද්දි. ඉතින් එහෙම උනේ කොහොමද කියලත් ඉදිරියේදි මේ කතා මාලාව ඔයාලා බැලුවට පස්සෙ මම ලිපියක් ගෙන එන්නම්. මේ දර්ශන රූගත කරන විට අපිට ගොඩක් දේවල් සිද්ද උනා. ඒ අතර සතුටු දේවල් වගේම පුංචි අනතුරක් පවා සිදු උනා. ඒත් එක්කම හිතට බයක් දැනෙන කුතුහලය දැනෙන දේවල් පවා උනා. හීනෙන් වත් විශ්වාස නොකරපු දේවල් උනා කිව්වොත් හරි හරි අපි කතාව බලමුකෝ. ️ මේ කතාවත් Horror එකක් කියලා ඔයාලා දන්නවා ඇති. මොකද මම ඒ ගැන කිව්වා. මේ කතාව අපි 2019 දි කල Doll in the House කතාවත් සමග සම්බන්ධ වෙනවා කියලා. දන්නවා නෙ Tokka Cinema වෙනස්ම දේවල් කරන්න උත්සහයක් ගන්න කණ්ඩායමක්. ඉතින් මේ උත්සහයෙදි මම මුලින්ම කිව්වා මෙහි එක් විශේෂ චරිතයක් තෝර ගන්න මට මාස 3ක් ගියා, වගෙම 6 දෙනෙක් ප්‍රතික්ෂේප කලා 7 වැන්න කැමති උනා කියලත්. ඒ තෝරා ගැනීමත් අලුත් අත්දැකීමක් මට නම්. ඒ ගැනත් ඔයාලාට ඉදිරියේදී දැනගන්න ලැබෙවී යාලුවෝ ගොඩක් අහලා තිබුනා පළමු පෝස්ටර් එකේ රේඩියෝවක් තියන නිසා මොකද්ද මේ කතාව කියලා. මට කියන්න තියෙන්නෙ මේකනම් පිස්සුවක් බන් කියලා තමයි. තව ටික දවසයි... මේ මැසේජ් එක ඔයාලටත් එයි.. soon on







Last Message youtube Mini Series රූගත කිරීම අතරතුර, green screen භාවිතා කල අවස්ථාවන්. බොද කර ඇත්තෙ මෙම කතාවෙ විශේෂිත චරිතයකි. එය කතාවෙන්ම දැකබලාගමු.






ඇත්තම කතාවක්..
මේක තරමක් වෙනස් කතාවක්. සමහරවිට හිතන්න පුලුවන් ඕක මහ දෙයක්ද මේ ඕන තරම් රගපාන්න අය ඉන්නෙ හොයා ගන්න බැරිද කියලා. නෑ ඒක එහෙම නෙමෙයි.. මේක දිග කතාවක්. මම මාස 3යි සතියක් යනකම් මට ඕන කියලා හිතුන කෙනාවම මේකට ගන්න ලොකු කට්ටක් කෑව. එතකොටයි පළවෙනි 6 දෙනාම මගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරද්දි.. අවසානේ 7 වැන්නා ඒ වැඩේ බාර ගන්නෙ.
ටිකක් අමුතුයි නේද... කතාව බලමුකො සේරම පැහැදිලි වේවි...










Post a Comment

0 Comments