An article about Sri Lanka's first AI short film SIGNAL 42: The AI Art Revolution - Risinu Muthuhetti Gamage's post
වර්තමාන සිනමාවට දායාද වෙන චිත්රපට ගැන සාධනීය අදහස් දෙන්න උනත් අමාරු කාලෙක බිහිවෙන ඇතැම් කෙටි චිත්රපට ඒ සීමාවන් බිඳ දමනවා. Signal 42 කියන්නෙත් එහෙම කෙටි චිත්රපටයක්. විනාඩි දහසයක දාවන කාලයක් එක්ක action film එකක් විදියට නිර්මාණය උන මේ කෙටි චිත්රපටය ප්රබන්ධ ගණයට අයත් වෙන කෙටි චිත්රපටයක්. මෙහි තියන විශේෂත්වය වෙන්නේ වර්ථමාන ලෝකයේ නවීනතම තාක්ෂණයක් වන AI තාක්ෂණය ඔස්සේ මේ කෙටි චිත්රපටය නිර්මාණය වී තිබීම.
කෙටි චිත්රපටය නිකුත් කරන්න කලින් මොනවගේ වැඩක්ද පොඩි සැකයක් තිබුනත් බැලුවට පස්සේ අලුත් ගමනක ආරම්භයක් ගන්න වගේම ලෝකය ගමන් කරන තාක්ෂණයත් එක්ක නවීකරණය වෙන්න ගත්තු උත්සාහයක් කියලා දැනුනා. හරියට වැල යන අතට මැස්ස ගහනවා වගේ වැඩක්.
කොහොම උනත් ලංකාවෙ අපිට තියන අඩු පහසුකම් සහ අඩු ආර්ථික තත්වයන් එක්ක කරන්න පුලුවන් උපරිමයෙන් මේ කෙටි චිත්රපටය නිර්මාණය කරලා තියනවා.
අපි අතරෙන් සමුගත්ත ඇතැම් රංගන ශිල්පීන් වගේම දැනට ක්ෂේත්රයේ වැඩ කරන රංගන ශිල්පීන් ශිල්පිනියන්වත් ප්රතිනිර්මාණය කිරීමක් දකින්න පුලුවන්.
රංගනය පැත්තෙන් ගත්තොත් සමහර තැන් වලදි අඩුපාඩු තිබුනා. ඒ වගේම දෙබස් වලදි පොඩි රොබෝ ගතියක් තිබුනා. ඒ කියන්නෙ වචන උච්චාරණයේදි හැඟීම් දැනෙන ප්රමාණය අඩුයි. ඒ අඩුපාඩු කිහිපය හැරුණම action film එකක් විදියට සාර්ථක අඩියක් තියන්න signal 42 සමත් උනා කියලා මට හිතෙනවා.
Lakshan Perera අයියේ, මේ පටන්ගත්ත ගමනේ අනාගතයට හදවතින්ම සුභපතනවා. 

0 Comments