Deep Mind Mini Series

Hello Death (Thriller Short Film | Tokka Cinema) ආයුබෝවන් මරණය

Hello Death Cover Poster

"Hello Death!!" කෙටි චිත්‍රපටය ආරම්භ වන්නේ, කුතුහලය සහ රහස්‍යකාරී බවගෙන් පිරුණු එක් සන්ධ්‍යාවක දිව්යා නම් තරුණියක්, නිවසේ සාමකාමීව සන්ධ්‍යාකාලය ගත කරමින් සිටින අතරය. ඇය තේ හදමින් ගීතයක් මුමුණමින් ඒ තාලය මැද, මිහිර විදින විටදී, හදිසියේම පැමිණෙන දුරකතන ඇමතුමක් ඇයට බාධා කරයි...

ඇමතුමෙන් පසුව, ඉක්මනින්ම, කලබල සහ කුතුහලය පිරි අත්දැකීමකට ඇයට අතගසන්නට සිදුවෙයි. මෙම සාමාන්‍ය සන්ධ්‍යාව කෙතරම් අඳුරු කරනවාද? Hello Death!! නැරඹීමෙන් මෙම රහස හෙළිදරව් කරගන්න.

Hello Death Film Poster

කාලෙකට පස්සෙ Tokka Cinema අපි අරන් එනවා අපේ සිනමා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් Thriller, Drama ශානරයට අයත් කෙටි චිත්‍රපටයක්. නිකන්ම නෙමෙයි මේක ලොකු බර තියලා කරපු වැඩක් කිව්වොත් නිවැරදි. ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට සහ විශේෂයෙන්ම ආලෝකකරණය අතින් වැඩි යමක් කරන්නට උත්සහයක් දැරූ කෙටි චිත්‍රපටයක් ලෙසට මෙය හදුන්වන්න පුලුවන්.


කතාවේ නම තමයි " Hello Death "...

එහි පූර්වප්‍රචාරක සිනමා පෝස්ටරය මෙලෙස නිකුත් කරනවා. කෙටි සිනමාපටය Tokka Cinema Youtube නාලිකාවෙන් හැමෝටම නරඹන්න පුලුවන්.

මෙහි රංගන දායකත්වය සහ මේ සදහා උදව් උපකාර කල අය ගැන විශේෂ හැදින්වීමක් කරන්නට මා සිතුවා. ඒ ඔවුන්ගේ හැකියාවන් අගය කොට ඔවුනට කරන ගරු කිරීමක් වශයෙන්.

Still Photos from the movie Hello Death.

මෙහි ප්‍රධාන චරිතයට පණ පොවමින් විශිෂ්ට රංගන දායකත්වය Dinushika Madhushanki විසින් ය. ඇය, වයඹ පළාත් රාජ්‍ය ළමා නාට්‍ය කුසලතා මෙන්ම වයඹ පළාත් රාජ්‍ය කෙටි නාට්‍ය යන ද්විත්වයෙන්ම කුසලතා පෙන්නූ අයෙකි. එමෙන්ම අන්තර් රාජ්‍ය සේවා කෙටි නාට්‍ය අංශයේ කුසලතා පෙන්නවූ අයෙකු සේම NCCSC කෙටි නාට්‍ය (2019) දෙවන ස්ථානයත්, අන්තර් විශ්ව විද්‍යාල කෙටි නාට්‍ය පිටපත් අංශයේ කුසලතා ද ලබා ඇති දක්ෂතාවයෙන් පිරුණු නවක රංගන ශිල්පිනියකි. දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ, චිත්‍රපට සහ රූපවාහිනි පිළිබඳ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි අධ්‍යාපනය හදාරමින් සිටින අයෙකි.

Still Photos from the movie Hello Death.

Hello Death කෙටි චිත්‍රපටයේ එක් චරිතයකට දැවැන්ත හඩ දායකත්වයෙන් Sanduni Chamindi එකතු වූ අතර ඇය, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කැම්පස් රේඩියෝවේ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදිකාව ලෙසත් (2023-2024) "The Voice Vibe Challenge - 2024" තරගාවලියේ ව්‍යාපෘති කළමනාකරු ලෙසත්, Program Producer, SlHIT Web Radio (2024) සහ Voice Artist & Dubbing artist - SLHIT web radio (2020-2024) ලෙස කටයුතු කරනු ලැබූ අයෙකි. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලීය ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය ලැබූවෙකි. ඇයගේ හඩ ආලෝකයෙන් Hello Death සැබැවින්ම තවත් පණ ගැන්විණි.

Still Photos from the movie Hello Death.

මෙම කෙටි සිනමාපටයේ කතාව ලියැවෙන්නෙ අප මිත්‍රයකු වන Thilanka Thulanjana විසින්. දැනට අවුරුද්දකට ඉහතදි ඔහු විසින් ලබා දුන් මෙම කෙටි කතාව ඇසුරෙන් Hello Death කෙටි චිත්‍රපටය නිර්මාණය වූ බව ආදරයෙන් මතක් කරමි. ඔහු Radio මාධ්‍ය ආයතන කිහිපයකම හඩ කැවීම් ශිල්පියෙක්, Presenter කෙනෙක්, Script Writer කෙනෙක්, සමාජ මාධ්‍ය කළමනාකරුවෙක් වශයෙන් අත්දැකීම් ලබපු අයෙක්, එමෙන්ම ඔහු කැළනිය විශ්ව විද්‍යාලයේ BA උපාධි අපේක්ෂකයෙකි. ඔහු මින් පෙර අපගේ Deep Mind කතා මාලාවේද විශිෂ්ට රංගනයක යෙදුණු අයෙකි.

Still Photos from the movie Hello Death.

කතාවේ පසුබිම් චිත්‍රන, මෝස්තර සහ විවිධ සැරසිලි මෙන්ම බඩු බාහිරාදිය අප වෙත නිර්මාණය කර දුන්නේ Yashodha Wijesinghe විසිනි. ඇයගෙ නිර්මාණයන් නිසා පසුම්බිම් අලංකාරත්ව ගැන කෙටි චිත්‍රපටය සාක්ෂි දරයි. එමෙන්ම කතාවේ ඉංග්‍රීසි උපසිරැසි නිර්මාණයද ඇය විසින් සිදුකරනු ලැබූවකි.

කෙටි චිත්‍රපටයේ වැඩකටයුතු සදහා සහයෝගය ලබා දීමෙන් Nadeera Hansamali එකතු විය.

Still Photos from the movie Hello Death.



Film Cast And Crew 


Starring Role Dinushika Madushanki Supporting Role Manu Karunarathne Lukshan Kavindu Voice Artist, Dubbing Role Sanduni Chamindi Story By Thilanka Thulanjana Screenwriter, Cinematographer & Directed By Lakshan Perera Camera Operator, Film Colorist & Edit By Lukshan Kavindu Boom Operator, Assistant Camera & Art Directed By Abhi Senadheera Assistant Camera & Production Manager Manu Karunarathne Set Background Decors by Yashodha Wijesinghe Supporting Crew Member Nadeera Hansamali Produce By TC Brothers Composition of background songs Lyrics by Lakshan Perera Singing A.I Voice & Music Movie English Subtitles Yashodha Wijesinghe Location Palawatta House



පළවෙනි විනාඩියේ ඉදලා අවසන් විනාඩිය වෙනකම් අනිවාර්යයෙන් නරඹන්න. ආයෙත් කියනවා ෆිල්ම් එක ඉවර උනා නෙ කියලා බලන එක නවත්තන්න එපා. ෆිල්ම් එක ඉවර වෙලත් අන්තිම විනාඩිය වෙනකම් බලන්න....


Hello Death නරඹන්න

Hello Death කරේ කොහොමද? (BTS Video soon on)

Shadows in the Dark | Hello Death Short Film Theme song



 


Hello Death කතාව අපි ආසාවෙන්ම කරපු වැඩක්. සෙනසුරාදා දිනයක සවස 4ට පමණ එකතු වෙලා පහුවදා අලුයම 1.00 පමණ වන තෙක් අපි මේ කතාව shoot කරා. එවලේ අවසාන මොහොතේ අපි ලබා ගත් පිංතූර කිහිපයක් මේ..










Tokka Cinema Film Production
© 2018 - 2024 All rights reserved

Post a Comment

0 Comments