Last Message Last Message YouTube Mini Series
වර්තමාන තත්වයන් එක්ක කාලෙකට පස්සෙ Tokka Cinema වෙතින් නරඹන්න ලැබෙන අලුත්ම නිර්මාණය තමයි "Last Message" කියන්නෙ. මේ නිර්මාණයේ විශේෂතා කිහිපයක් තියනවා. එනම් මේ කතාව YouTube Mini Series එකක් විදියටයි ඔයාලට නරඹන්නට ලැබෙන්නෙ. එය අපේ පළමු උත්සහයත් වෙනවා. ඒ වගෙම මේ පළමු Mini Series උත්සහයෙත් විශේෂතා කිහිපයක් තියනවා. ඒ දේවල් ගැන මම දැන් කියන්නෙ නැ. මේ Series එක out කරන දවසටම ඔයාලට ඒවා බලා ගන්න ඉඩක් තියන්නම්. එලෙසම තවත් විශේෂ කාරණාවක් වන්නෙ මේ කතාමාලවේ Story එක ගොඩනගන්න තවත් කිහිප දෙනෙකුගෙන්ම ශක්තියක් ලැබුනා. ඉතින් ඔවුන් කවුරුන්ද කියලත් මම ඉදිරියේදි කියන්නම්.
Last Message YouTube Mini Series එකේ Season 1 කතා මාලාව ඉදිරියේදි ඔයාලට නරඹන්න පුලුවන්. අද එහි නිල පෝස්ටරයක් එලි දැක්වීමක් කරනවා. හැමදාම අලුත් දෙයක් කරන්න උත්සහයක් දරණ අපේ කණ්ඩායමේ පළමු අත්දැකීම වන මේ YouTube Mini Series එක ගැන Tokka Cinema කෙටි චිත්‍රපට නරඹන ඔයාලගෙ අදහස් දැනගන්නත් කැමති.
චැනල් එකෙ ලින්ක් එකත් පහලින් එකතු කරන්නම්, තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් කෙටි චිත්‍රපට, ඇනිමේශන් , මේ වගෙ බොහො නිර්මාණ බලන්න කැමති කෙනෙක් නම් එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා.
ස්තූතියි
0 Comments