වර්තමාන තත්වය එක්ක ටිකක් නිහඩව හිටියත්, ඇත්තටම නිහඩව හිටියාමත්ම නෙවෙයි. මේ කාලය තුල අපි Tokka Cinema අනාගත චිත්‍රපට නිර්මාණ සදහා සැලසුම් සකස් කලා. ඒ වගෙම Tokka Cinema Studio එකත්. Studio එක ගැන පසුව කතා කරන්නම්. අද කතා කරන්නෙ අපේ මීළඟ චිත්‍රපට නිර්මාණයන් කිහිපයක් ගැනයි. T.C brothers ඒ කියන්නෙ ලුකා, අභි, ලක්, මනූ අපි හතර දෙනා එකතු වෙලා මේ කාලය තුල ඉදිරි නිර්මාණය ගැන සැලසුම් කලා. ඒ සැලසුම් අතරින් ඉදිරියේදී ඔයාලට Tokka Cinema තුලින් Film 5 ක් බලාගන්න පුලුවන්. කාල වකවානු දැන්ම කියන්න නම් අමාරුයි. දැනට නිර්මාණ වල වැඩ කටයුතු සිදුකරන ගමන් නිසාත්, වර්තමාන තත්වය මත ඒවා ටිකක් ප්‍රමාද වනවා. ඒ කොහොම නමුත් මේ Film 5 ඔයාලට ඉදිරියේ දී නරඹන්න පුලුවන්, ඒ වගේම තවත් තහවුරු නොකෙරු films කිහිපයකුත් තියනවා. ඒ අතර Animation එකක්ද වෙනවා. Tokka Cinema අපේ චිත්‍රපට සහ අනෙකුත් වීඩියෝ නිර්මාණ බලපු ඔයාලා හැමෝටම TC Brothers අපි ආරාධනා කරනවා ඉදිරියටත් එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති අයට මෙතැනින් ලින්ක් එකත් එකතු කරන්නම්.
0 Comments