Deep Mind Mini Series

OXYGEN 2091 ( ඔක්සිජන් )



OX🌳GEN (oxygen- ඔක්සිජන්) කෙටි චිත්‍රපටය මා විසින් නිර්මාණය කිරීමට හේතු වූයෙ මීට මාස දෙකකට පෙරාතුව තිබූ දැඩි අව්‍ රශ්මිය හේතුවෙන් අපට උනත් ඒක තරමක් ඇගට දැනෙන්න ගත්තා. "මාර අව්වක්නෙ" කියන හැගීමෙන්. ඇත්තටම එයට හේතුව "වන විනාශය" නිසා මෙවැන්නක් සිදුවූ බව නොරහසක් ය. ඉතින් මට අදහසක් ආවා අප අද ජීවත් වෙලා සිටින වර්ශයේ සිට තව අවුරුදු 71ක් ගිය පසු මේ විදියටම පාරිසරික හානිය දිගටම සිදුවූවොත් අපෙන් පසු අනාගතයක උරුමකරුවන්ට මෙවැනි දේවල් සිදුකර පරීක්ෂණ මට්ටමෙන් යම් යම් දේ කරමින් ශාක වර්ධනයට ක්‍රියාකාරකම් කරන්න වේ යන හැගීම.

මම ගොඩක් උත්සහ කරා මේ නිර්මාණයෙ ඒ ඒ අදාල පරිසර තුල වර්ණය මගින් ඒ අදහස පෙන්නුම් කිරීමටත්. සහ, මෙහි බීජයක් තුල තව බීජයක් රෝපණය තුලින් සහ දර්ශන පෙලේ පසුබිම් වලත් එවැනිවූ බීජමය ශාක පෙන්වීමෙන් අදහස් කලෙ ඒ සිටින කාලවකවනු සමග තාක්ෂණික අතින් යම් දියුණුවකුත්, සමග පරීක්ෂණ කරමින් නැවත මේ උණුසුම් වූ මිහිතලය ආරක්ෂා කිරීමට අවශ්‍ය කොළ වර්ණය ගෙන ඒමට දරන උත්සහයක් පෙන්වීමයි.

කාල වකවානු පෙන්වීමට දින දර්ශනයක් භාවිතා කලා, ඒ වගෙම වන විනාශයේ ප්‍රතිඵලය පෙන්වමින් එය එසේ සිදු නොකිරීමට අපි අද පටන් වැඩ කල යුතු බව එම දින දර්ශනයේම වචනයක් හරහා ඉස්මතු කරන්න උත්සහයක් දැරුවා.


The reason I created the short film was because of the intense heat that we had two months ago, but we still felt it. Feeling "hot sun". In fact, it is no secret that this was caused by "deforestation".

So I got the impression that 71 years from now, if we continue to do this kind of environmental damage, the future inheritors of us will have to do these things by doing some testing and doing plant growth.

OXYGEN Wallpaper  2 tokka cinema


I tried a lot to show this idea by color in the corresponding environment. And, by planting another seed in a seed and displaying similar seedlings in visual backgrounds, it was meant to be an attempt to bring back the green color needed to preserve this warm planet by experimenting with time and technological advances. A calendar was used to show the timeline, and the same calendar tried to highlight the result of the disaster and that we must work from now on.

Watch Now Oxygen 2091





Post a Comment

0 Comments